ඇමරිකානු රහස් රැසක් ලොවට හෙළිකළ ස්නෝව්ඩන්ට රුසියානු පුරවැසිභාවය

ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ රහස් ඔත්තු මෙහෙයුම්වල දත්ත ලොවට අනාවරණය කළ එඩ්වඩ් ස්නෝව්ඩන් හට රුසියාවේ පුරවැසිභාවය හිමිව තිබෙනවා.

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් ස්නෝව්ඩට එරට පුරවැසි භාවය ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2013 වසරේ දී ස්නෝව්ඩ සේවය කළ NSA විසින් සිදු කරන ලද විශාල දේශීය හා ජාත්‍යන්තර නිරීක්ෂණ මෙහෙයුම්වල දත්ත රැසක් ඔහු ලොවට අනාවරණය කළා.

එම අනාවරණයෙන් පසු ඇමෙරිකාවේ උදහසට ලක් වුණු එඩ්වඩ් ස්නෝව්ඩන් හොංකොං වෙත පළා යාමෙන් අනතුරුව රුසියාවට පැමිණියා.

ස්නෝව්ඩන්ට අමතරව ඇමෙරිකාවේ උදහසට ලක්ව මේ වනවිට රුසියාවේ වාසයකරන ඇමරිකානු ජාතිකයින් ඇතුළු තවත් විදේශිකයන් 72 දෙනෙකුට රුසියානු පුරවැසිභාවය පිරිනැමීමටයි ව්ලැදිමීර් පුටින් පියවර ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?