ඇමති රොෂාන්ගේ වාහන අංගනයකින් සොයාගත් සැප රිය ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් දඹුල්ල ප්‍රදේශයේ පිහිටි වාහන අංගනයක් තුළ තිබිය දී සොයාගත් නීති විරෝධීව මෙරටට ගෙන් වූ බව කියන ජීප් රථය සම්බන්ධයෙන් පොලීසිය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව අද (25) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ එලෙස සොයාගත් බව කියන ලෑන්ඩ් කෲසර් වර්ගයේ ජීප් රථය හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අතර කිසිඳු සම්බන්ධතාවක් නොමැති බවයි.

ඇතැම් මාධ්‍ය වාර්තාකර තිබෙන ආකාරයට මෙම ජීප් රථය සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර සම්බන්ධතාවක් මෙතෙක් සිදුකළ විමර්ශනවල දී අනාවරණය කර ගැනීමට නොහැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

අදාළ රථයේ හිමිකරුවන් මේ වනවිටත් දඹුල්ල පොලිසිය වෙත ඉදිරිපත්ව ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

නීති විරෝධීව මෙරටට ගෙන් වූ බව කියන වාහන දෙකක් දඹුල්ල සහ පොළොන්නරුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළ අතර, තව දුරටත් මෙම වාහන සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරන බවයි ඔහු සඳහන් කළේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට අයත් දඹුල්ල ප්‍රදේශයේ පිහිටි වාහන අංගනයක් තුළ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් සඟවා තිබිය දී ලෑන්ඩ් කෲසර් වර්ගයේ ජීප් රථයක් පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස අද (25) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් මෙරට ජාතික පුවත්පතක පළකර තිබූ ප්‍රවෘත්තියක් උපුටා දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම අදහස් පළකර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
10
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන යාපනය ජන රැලිය සජීවීව
00:00
Video thumbnail
දරුවන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්
03:00
Video thumbnail
රනිල්ගේ ඇත්ත නැත්ත හෙළිකරන්න පිල්ලෙයාන් කටඅරී
26:36
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන මන්නාරම ජන රැලිය සජීවීව
01:54:56
Video thumbnail
ගාල්ල යක්කලමුල්ල අනතුරේ සජීවී දර්ශන
04:02
Video thumbnail
මරික්කාර් දුම්මල වරම අතට ගනියි - කරපු සැර කතාවට සභාවම නිහඬයි
15:29
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57

?