ආහාර බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ අයට සහ ප්‍රවාහන සේවා සපයන්නන්ට දැනුම්දීමක්

ගෝලීය යුදමය වාතාවරණයේ බලපෑම හේතුවෙන් රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආහාර බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ නියුතු ප්‍රවාහන සේවා සපයන්නන්ගේ ඉන්ධන අවශ්‍යතා නිවැරදිව හඳුනා ගැනීම සහ එම අංශයේ සැලසුම්කරණය විධිමත් කිරීම අරමුණු කරගනිමින් විශේෂ දත්ත රැස්කිරීමේ වැඩසටහනක් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

ආහාර බෙදාහැරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීමටත්, ඉන්ධන බෙදාහැරීමට අදාළ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී වඩාත් නිවැරදි දත්ත භාවිත කිරීමටත් මෙමගින් අපේක්ෂා කෙරෙන බවයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ.

මෙම වැඩසටහන මගින් විශේෂයෙන් ඉලක්ක කරනු ලබන්නේ ප්‍රවාහන හෝ සැපයුම් මෙහෙයුම්වලට අදාළව වෙනත් කිසිදු අමාත්‍යාංශයක හෝ රජයේ නිල ලේඛනයක මේ දක්වා ලියාපදිංචි වී නොමැති ප්‍රවාහන සේවා සපයන්නන් බවත්, දැනටමත් එවැනි රජයේ පද්ධතියක ලියාපදිංචි වී ඇත්නම්, තම දත්ත ඉදිරිපත් කිරීම සඳහා අදාළ නිල සන්නිවේදන මාර්ග අනුගමනය කරන ලෙස කාරුණිකව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශ ඉල්ලා සිටිනවා.

මෙම දත්ත රැස්කිරීමේ ප්‍රධාන අරමුණු වන්නේ;
• සමස්ත ක්ෂේත්‍රයේ පවතින ඉන්ධන ඉල්ලුම තක්සේරු කිරීම.
• ප්‍රවාහන සේවා සපයන්නන් මුහුණ දෙන මෙහෙයුම් ගැටලු හඳුනා ගැනීම.
• නිවැරදි දත්ත මත පදනම් වූ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා සහාය වීම, බව එම අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනය සඳහන්.

මෙම දත්ත රැස්කිරීම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කරන තොරතුරු මත පදනම් වන අතර, මේ හරහා රැස් කෙරෙන තොරතුරු විධිමත් විශ්ලේෂණයකින් පසුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) වෙත නිර්දේශ ලෙස ඉදිරිපත් කිරීමට නියමිත ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් සමීර ප්‍රභාෂ් විජේසිංහ පවසනවා.

අදාළ දත්ත ඉදිරිපත් කිරීමට https://forms.gle/EPPu4bciG6onEptT9 යන සබැඳිය (Link) ඔස්සේ ගූගල් ආකෘති පත්‍රය (Google Form) වෙත පිවිසීමට https:හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16