spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආසයි ආයිත් මැරි කරලා දුවෙක් හදන්න.. ලංකාවේ කෙනෙක්නම් නෙවෙයි මැරි කරන්නේ.

පියුමි හංසමාලී කියන නම නිතරම වගේ කාගෙත් මුවින් නැගෙන වචනයක්.
ඇය විවිධ කතා හරහා කාගෙත් කතා බහට ලක්වෙන චරිතයක්.
ඒ වගේම ඇය මවක්..
ඇය එක්වුණු සංවාදයකට එක්වෙමින් පලකළ අදහස් කිහිපයක් තමයි මේ..

සම්පූර්ණ නම..?
පියුමි හංසමාලී ගෝමස්.

ඔයාගේ ගණන් කොහොමද..?
මෙහෙමයි දැන් වැඩිය ගණන් උස්සලා බෑනේ.. මොකද වැඩත් හරි අඩුයි..
සාමාන්‍ය දරන්න පුළුවන් ගාණකට යනවා..

සමාජයේ අම්මලා ගත්තම ඔබ ඉන්නේ මොනවගේ තැනකද..?
අම්මලා ගත්තොත් එක එක විදිහයි.. හැම අම්මා කෙනෙක්ම දරුවන්ට ආදරෙයි.. ඒ වගේම මමත් ආදරෙයි.. මම ජිවිතේ විදින කෙනෙක්.
මම මගේ දරුවට හොද මවක්.. මව හරිම ෆනී කැරැක්ටර් එකක්..

මම කියන්නේ ගැහැණිය දරුවා වෙනුවෙන් හස්බන්ගෙන් දුක් විදගෙන ඉන්න ඕනේ කියලා..

ඔබ රටේ චෝදනාවට ලක්වෙන කාන්තාවක්.. කාන්තාවක් විදිහට ඔබ හරි කියලා හිතනවද..?
ලංකාවේ සංස්කෘතිය කියන දේ මම නැතිකරන්නේ නෑනේ.. මම කරන්නේ ෆැෂන්.. මුළු ලෝකයක් කරන දේ..
සමහර දේවල්වලට සංස්කෘතිය කියලා බදාගෙන ඉන්නවා.. මම ගොඩක් බණ අහනවා රෑට.
සමහර අයට කියනවා පන්සලකට යනකොට පුදුම ලස්සනට ඇදගෙන යනවලු.. අපේ මිනිස්සු හදාගෙන තියෙනවා සුදු ඇදගෙන යන්න.. ඇයි පන්සලටත් සුදු ඇදගෙන යන්නේ..
පියුමි හංසමාලී කියන කෙනා පැෂන් කරන කෙනෙක්.. මම විතරක් මේක කරනවානම් මම වැරදියි.. ලස්සනට ඉන්න අම්මලා මේ විදිහට ෆැෂන් කරනවා.. බලාගෙන ඉන්න බැරි අය තමයි මඩ ගහන්නේ.. මගේ මතය මේකයි..

මම දැනගන්න කැමතියි ඔයා බුද්ධාගමේ දැඩි ලෙස අදහන්නේ මොනවද..?
මෙහෙමයි මම පාසල් ගියා.. දහම් පාසල් ගියා.. මම මගේ ජිවිතේදී පිං දහම් කරනවා..
මට පුළුවන් දේ කරනවා.. මම හැම ආගමක්ම අදහනවා.. පෝයට සිල් ගන්න යන්නේ නෑ මම.. පුළුවන් විදිහට මම පන්සල් යනවා පල්ලි යනවා..

ආදරේ මොන වගේද..?
ආදරේ කියන්නේ මම හොදටම වින්දා.. දැන් මමඒක අයින් කරලා තනියම ඉන්නේ කෙනෙක්.. ආදරේ ගැන මගේ ජිවිතේ ලොකු කලකිරිමක ඉන්නේ.. ආදරේ කියන්නේ බොරුවක්.
මම මගේ මැරේජ් ලයිෆ් එකේ හිටියෙත් අවුරුද්දක් විතර. එෆෙයාස් තිබිලා තියෙනවා.
මම දැන් මගේ දරුවට විතරයි ආදරේ කරන්නේ..

ඇග විකුණන වෘත්තිය දකින්නේ කොහොමද..?
මෙහෙමයි ගොඩක් රටවල්වලටත් ගිහින් තියෙන කෙනෙක්..
මම අහන දේවල් තියෙනවා.. ලංකාවේ මම දැක්ක ආටිස්ලා කියනවා නීතිගත කරන්න කියලා.. මම ඒක අනුමත කරන්නේ නැහැ. ගැහැණියක් හස්බන්ඩ් කෙනෙක් නැත්නම් ජොබ් එකක් කරන්න පුළුවන්.. එයාලා හොයන්නේ ලේසියෙන් සල්ලි හොයන්න ක්‍රම.. ජිවිතේ කරපු පෙර පව් අනුව ලියවිලා තියෙන දෙයක්නම් ඒක නවත්තගන්න බෑ.. මේ ආත්මෙදි පිං කළොත් ඒ වගේ රස්සාවල් නොකර හොද දේවල් ලැබෙයි..

ඔයා ඇග හදලා තියෙන්නේ සංගප්පූරු ගිහින් කියනවා.. ඒක ඇත්තද..?
සල්ලි තියෙනවානම් ලස්සන ඇගවල් හදන්න පුළුවන්..
සාමාන්‍යයෙන් ළමයි හම්බවුණාම අම්මලගේ පෙනුම අඩුවෙනවා. ඉතිං අපිට සල්ලි තියෙනවානම් ඒ දේවල් හදන්න පුළුවන්.. ලස්සන වෙනවා කියන එක හීනයක් නෙවයි.. මට ඇගිලි දිග හරින කාන්තාවන්ට මම කියනවා ඒ අයට මම උත්තර දෙන්න කැමති නෑ..
මගේ විදිහට ඇග හදන්න ආසයිනම් මම කියන්නම් කරන විදිහට.. එයාලට නැති දේ මට තියෙන එකට ඉරිසියා කරනවා.
මම යාළුවොත් එක්ක ක්ලබ් යනවා.. මම හරි ෆන් එකේ ඉන්නේ..

අම්මා කියන්නේ නැද්ද හොද කෙනෙක් බලලා කසාද බදින්න කියලා..?
මගේ එහෙම අදහසක් නෑ.. අම්මා කියනවා..
මම ලංකාවෙන් යන්න ඉන්නේ.. මම සිංගල් මාම්.. මම ආසයි ආයි මැරි කරලා දුවෙක් හදන්න.. එයා කවදා හරි තනිවෙන්නේ නෑනේ එතකොට.. පුතාට නංගි කෙනෙක් ඉන්නවා.. මම මැරි කළත් ලංකාවේ කෙනෙක් මැරි කරන්නේ නෑ..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
166
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?