AFC Banner
Empty Ad
Empty Ad

ආසන සංවිධායකගේ වාහනයේ ගැටී යතුරුපැදිකරුවෙක් මරුට

කලාවැව ආසන සංවිධායක, උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක අනිල් රත්නායක මහතා ගමන් ගත වාහනයේ යතුරුපැදියක් ගැටීමෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා.

බීමතින් යතුරුපැදියක පැමිණි දෙදෙනෙකු ආසන සංවිධායකවරයා ගමන් ගත් මෝටර් රථයේ පිටුපස ගැටී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඊයේ රාත්‍රී අනිල් රත්නායක මහතා අනුරාධපුර සිට තම්මැන්නාව ප්‍රදේශයේ තම නිවස කරා පැමිණෙන අවස්ථාවේ දී පසුපසින් පැමිණි යතුරුපැදියක සිටි පුද්ගලයින් දෙදෙනෙකු මෙම අනතුරට ලක් වී තිබෙනවා.

පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයින් බීමතින් සිට ඇති බවටයි.

අනතුර සිදුවූ අවස්ථාවේම ප්‍රදේශවාසීන් විසින් තුවාලකරුවන් තලාව රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.

එහිදී එක් අයෙක් මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. මෙලෙස මියගොස් ඇත්තේ තම්මැන්නාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක තිදරු පියෙක්. අනෙක් තුවාලකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අනතුර සිදුවූ අවස්ථාවේදීම හිටපු විපක්ෂ නායකවරයාගේ කැබ් රථයෙන්ම එක් අයෙකු රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

සිද්ධියට අදාළව ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තඹුත්තේගම පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආචාර්ය හර්ෂ ද සිල්වා සහභාගීවන ප්‍රහාරය විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
ඉස්සර ජොන්ස්ටන්ලා බන්දුලලා වැඩසටහන්වලට යන්නේ මගෙන් උපදෙස් අරන් #harshadesilva #sjb
01:54
Video thumbnail
දිවිනැගුම සංකීර්ණයේ සඟවා තිබූ සුපිරි ජීප් රථය කොටු කරගත්ත මෙහෙයුම
05:43
Video thumbnail
රන්ජන් අනුර වැඩ අරඹයි - "හොරු ටික දැන් ගැහි ගැහි ඉන්නේ" #ranjanramanayake #anurakumaradissanayake
01:57
Video thumbnail
දියවන්නා තරණයට මම සූදානම්... - මැති සබේ මුහුණු පොත
32:50
Video thumbnail
දේශබන්දුගේ රැඟලි සුනේ සුන් - 10g ට අඩුයි නම් High Court - මෙන්න දේශබන්දුගෙ වැඩ...
02:42
Video thumbnail
ඊශ්‍රායලය කිව්වට අපි යන්නෙ නෑ - සාම සාධක හමුදාවෙන් දැඩි ප්‍රතිචාර #INTERNATIONAL_INSIGHT #global
09:58
Video thumbnail
ශානි අබේසේකර කියන්නේ ශ්‍රී ලංකාවේ ෂර්ලොක් හෝම්ස්
03:12
Video thumbnail
හදීසියේ පාස්කු ප්‍රහාරය පිළිබඳව කිඹුල් කඳුලු හෙලපු ගම්මන්පිලට බීපු කිරි මතක් වෙන්නම දෙසයි #pasku
18:38
Video thumbnail
මාලිමා ආණ්ඩුවෙත් යටිකූට්ටු වැඩ ඕන් දැන් එළියට - දෙවනි අරගලයක පෙර නිමිති #akd #npp
04:01

?