AFC Banner
Empty Ad
Empty Ad

ආණ්ඩුව කරගෙන යා යුතු ආකාරය ගැන රනිල් කියයි

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථක බව මේ වන විට ජනාධිපතිවරයා ඇතුළු රජයට පිළිගැනීමට සිදු වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (10) විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වු රනිල් වික්‍රමසිංහ මහතා‍,

“ඇමතිවරු මුණගැසුණු අවස්ථාවේ දී ජනාධිපතිතුමා පිළිගත්තා එතුමාට දේශපාලන පළපුරුදු සීමා සහිතයි. ඒ නිසා අගමැතිතුමා ඉදිරියට ඇවිල්ලා ඒ පළපුරුද්ද තියෙන අනෙක් කැබිනට් ඇමතිවරු ඔක්කෝම එකතුවෙලා සාමාහික වැඩකටයුතු කරගෙන යමු කියලා. ඒක හොඳ ප්‍රකාශයක්. මොකද එතුමා පිළිඅරගෙන තියෙනවා 20 සංශෝධනය අසාර්ථකයි කියලා. ඒ සංශෝධනය නිසා කැබිනට් ආණ්ඩු ක්‍රමය නැති වුණා. ආර්ථිකයටත් කොවිඩ්වලටත් ආණ්ඩුව ඇතුළේ ආණ්ඩුවක් තිබුණා. ඒ වගේම හාල් මිල සඳහා ආණ්ඩුවෙන් පිට ආණ්ඩුවක් තිබුණා. මොකද්ද ඒකේ ප්‍රතිඵලය. ජනාධිපතිතුමා ප්‍රකාශ කරපු හැටියට සම්ප්‍රදායික කැබිනට් පාලනයකට යන එක හොඳයි.ඒක කරන්න තියෙන්නේ 20 සංශෝධනය අහෝසි කරලා ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යටතේ ආණ්ඩුව ගෙන යන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?