AFC Banner
Empty Ad
Empty Ad

අහංගම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ඊයේ (04) පස්වරුවේ අහංගම – ඉමදූව මාර්ගයේ පාංචාලිය පාසල අසලදී සිදුකළ වෙඩි තැබීමකින් මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් ම්යගොස් ඇත්තේ දික්වැල්ල, දඹගස්ආර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක් බවටයි වාර්තා වාර්තා වන්නේ.

ඔහුපසුගිය කාලසීමාව තුළ බන්ධනාගාර ගතව සිට ඇප මත පැමිණ සිටි අයෙක් බව සඳහන්.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් පරීක්ෂණ සිදුකරනු ලබනවා.

මෘත ශරීරය වැලිගම, වලාන රජය රෝහලේ මේ වනවිට තැන්පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?