අසාද් සාලි අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධීයි – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

2021 වසරේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතිවිරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ වෙනුවෙන් රුපියල් 75,000ක වන්දියක් ගෙවන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය, වගඋත්තරකරුවන්ට නියෝග කළේ.

මෙහි වගඋත්තරකරුවන් ලෙස හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණා.