අසාත්මිකතා මරණ ගැන සෙවූ කමිටු වාර්තාව සෞඛ්‍ය ඇමතිට

ආසාත්මිකතා සහ සංකූලතා ඇතුළුව මෙරට රෝහල් කිහිපයක සිදු වූ බවට සැක කරන සිදුවීම් සම්බන්ධයෙන් විද්‍යාත්මකව සොයාබැලීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාව අද (09) සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත බාර දී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම කමිටුව පත් කරනු ලැබූ අතර එම කමිටුවේ සභාපති, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුණු ඩයස් මහතා ඇතුළු කමිටු සාමාජිකයින් පිරිසක් විසිනුයි වාර්තාව ඇමතිවරයා වෙත භාරදී ඇත්තේ.

පේරාදෙණිය ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් කිහිපයක රෝගීන්ගේ සිදු වූ ආසාත්මිකතා සහ සංකූලතා හේතුවෙන් ඒ පිළිබඳව විද්‍යාත්මකව සොයා බැලීමට පසුගිය ජුලි මස 17 වනදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් මෙම කමිටුව පත් කරනු ලැබුවා.

මෙම වාර්තාවේ අරමුණ වූයේ පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ කතාබහට ලක් වූ ආසාත්මිකතා හේතුවෙන් ඇති වූ සංකූලතා හා මරණ සම්බන්ධ විශ්ලේෂණයක් ඉදිරිපත් කිරිමයි.

ඇති වූ සිද්ධි 06 සැලකීමේදී දී ඉන් 05ක්ම දරුණු ආසාත්මිකතා (Anaphylaxis) හේතු කොට ගෙන සිදු වූ බවටයි එම වාර්තාවේ සඳහන් වන්නේ.

මෙම සිදුවීම්වල‍ට හේතු වූ ඖෂධවල තත්ත්ව පරීක්ෂණ තවදුරටත් සිදුවෙමින් පවතින අතර එම පරීක්ෂණ ගැඹූරින් විග්‍රහ කිරීමට වැඩි කාලයක් ගත වන බැවින් අදාළ වාර්තාවේ නිරික්ෂණ ද සහිතව සවිස්තරාත්මක ඇගයීම් කමිටු වාර්තාවක් ඉදරියේදී ඉදිරිපත් කිරිමට නියමිතයි.

ආසාත්මිකතා විෂයට අදාළ සිද්ධීන්ට සම්බන්ධ ඖෂධයන්හි තත්ත්ව පරීක්ෂණ ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ රසායනාගාරය (NDQAL) ආයතනය මගින් සිදුවෙමින් පවතිනවා.

ඒ අනුව සෞඛ්‍ය පද්ධතිය තුළ තවදුරටත් පෙර සූදානම, හඳුනා ගැනීම හා කළමණාකරණය සඳහා නිර්දේශයන් ද වාර්තාවේ ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මනුස්සකමට හොඳම උදාහරණය දුන් මිරිස්වත්තේ පුවත.."ඔක්කොම සල්ලි හරිනේ..ඔන්න මං ගෙනත්ම දුන්නා"
06:55
Video thumbnail
මහින්ද රාජපක්ෂට අපහාස කරලා ආණ්ඩුව වැරදි තැනට අත තිබ්බේ
07:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාව නිසා සජිත්ට රතු කට්ට පනී
06:25
Video thumbnail
14 දෙනෙක් එළොව යැවූ පස්සර බිහිසුණු බස් අනතුර..එදත් එතන ගල් අදත් ගල්, අනතුරක් වෙනකල්ද බලන් ඉන්නේ ?
07:28
Video thumbnail
මේ ආණ්ඩුව ජනතාවගෙන් සමාව ගන්න ඕනේ
07:04
Video thumbnail
ෂෙඩ් හිමියන්ට වැඩ වරදියි..ජනපතිගෙන් සැර කතාවක්..ලයිසන් කැන්සල් කරලා දාන්න
02:52
Video thumbnail
"මේක මහ විහිළුවක්නේ..මනෝ කිව්වේ නෑ.."ජනපතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
03:20
Video thumbnail
ඉන්ධන මිල වැඩි වෙයිද ? අඩු වෙයිද ? මෙන්න ජනපති කියයි..මිල ගණනය කරන්න ජනපති කිව්ව සරල සූත්‍රය
10:37
Video thumbnail
ජනපති සැරවෙයි - අසත්‍ය චෝදනා එල්ල කරන්න එපා
16:08
Video thumbnail
ඉරාන නෞකාවට ලංකාවට එන්න දුන්නානම් ඈත කලාපයේ තිබුණු යුධ ගැටුම මෙහෙට එනවා
07:07