අවුරුදු 55 සම්පුර්ණවූ රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම් දීමක්

ජනවාරි පළමු වනදායින් පසුව 55න් පසු කැමති අයෙකුට විශ්‍රාම යාමට හැකි බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කර සිටිනවා.

අද පාර්ලිමේන්තුවේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම හේතුවෙන් මේ දෙසැම්බර් මස අගදී විශ්‍රාම යන පුද්ගලයන් ද මේ වනවිට කුතුහලයෙන් පසුවන බව පවසමින් එම තීරණය ක්‍රියාත්මක වන දිනය පිළිබඳව විමසූ අවස්ථාවේදීයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
82
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?