spot_imgspot_img

අවුරුදු 01යි මාස 11ක් වයස දරුවාගේ දේහය වළ දැමූ ස්ථානයෙන් අතුරුදන් (ඡායාරූප)

වවුනියාව,නෙළුක්කුලම ප්‍රදේශයේ දී ජල ටැංකියකට වැටීමෙන් පසුගිය 25 වනදා ජීවිතක්ෂයට පත් වූ දරුවෙකුගේ භූමදානය කළ මළ සිරුර මේ වනවිට අතුරුදන්ව ඇති බව දරුවාගේ මව පවසනවා.

අදාළ මව පවසන්නේ තම දරුවාගේ සිරුර වළ දමා තිබූ ස්ථානයෙන් මේ වනවිට අතුරුදහන්ව ඇති බවයි.

අවුරුදු එකයි මාස 11ක් වයසැති දරුවා පසුගිය 25 වනදා නිවස ආසන්නයේ වූ ජල ටැංකියකට වැටී ජීවිතක්ෂයට ඇති බව මූලික පරීක්ෂණවල දී අනාවරණය වී තිබුණා.

අනතුරුව මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව එය රාසේන්ද්‍රකුලම පොදු සුසාන භූමියේ භූමදාන කිරීමටයි කටයුතු කර ඇත්තේ.

තම දරුවා භූමදානය කළ ස්ථානය බැලීමට පසුගිය දා සුසාන භූමියට ගිය අවස්ථාවේ දී මවට, දරුවා භූමදානය කළ වළ හරා ඇති බවත් ඒ තුළ දරුවාගේ මෘත දේහය නොමැති බවත් දැකගන්නට ලැබී තිබෙනවා.

අනතුරුව මේ සම්බන්ධයෙන් මව විසින් පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය දැනුවත් කර පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
13
+1
0
+1
7
+1
25
+1
11
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?