අවුන්සාන් සුකීගේ ජාතික ලීගය විසුරුවා හරියි

මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකීගේ නායකත්වයෙන් යුත් එරට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය විසුරුවා හැරීමට හමුදා පාලනය පියවර ගෙන තිබෙනවා.

මියන්මාර හමුදා පාලනය යටතේ පවතින මැතිවරණ කොමිසම එය ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මැතිවරණයක් සඳහා ලියාපදිංචි කිරීමේ කාලසීමාව සපුරාලීමට නොහැකි වූ මියන්මාරයේ දේශපාලන පක්ෂ 40 අතර ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය ද වන බව සදහන්.

මියන්මාර හමුදා පාලනය විසින් මැතිවරණයක් සඳහා දේශපාලන පක්ෂවලට ලියාපදිංචි වීමට මාස දෙකක කාලයක් ලබා දී තිබුණා.

කෙසේවෙතත්, එවන් මැතිවරණයකට තරඟ නොකරන බව අවුන් සාන් සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?