අලි මිනිස් ගැටුම වැළැක්වීමට අදාළ යෝජනාවලියක් අධිකරණයට

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් සකස් කර තිබෙන අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාව අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා සුදුසු රජයේ ආයතන වෙත යොමු කරන ලෙස අභියාචනාධිකරණය අද (26) දින නියෝග කර තිබෙනවා.

අලි මිනිස් ගැටුම වැළැක්වීමේ සඳහා වැඩපිළිවෙලක් සකස් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද 926) දින කැඳවනු ලැබූ අවස්ථාවේදී එම කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා විසින් මෙම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළා.

මෙම පෙත්සම අද (26) දින සම්පත් විජේරත්න සහ ඒ. මරික්කාර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා රට පුරා ක්‍රියාත්මක සංවිධාන, මහජනතාව සහ විද්වතුන් සමඟ සාකච්ඡා කොට ඊට අදාළ යෝජනාවලියක් තම සංවිධානය විසින් සකස් කර තිබෙන බව පැවසුවා.

එමෙන්ම අදාල යෝජනාවලිය ඇතුළත් වාර්තාව බාරගෙන වගගකිවයුතු රජයේ ආයතන වෙත යොමු කර අලි මිනිස් ගැටුම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥ වරයා අධිකරණය හමුවේ ඉල්ලීම් කළා.

ඒ අනුව, අදාළ වාර්තාව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා විසින් භාරගනු ලැබුවා.

අනතුරුව වැඩිදුර පියවර ගැනීම සඳහා අදාළ වාර්තාව සුදුසු රාජ්‍ය ආයතන වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් නීතිපතිවරයාට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය අවසන් කිරීමටද අධිකරණය තීන්දු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28