AFC Banner
Empty Ad
Empty Ad

අලි – මිනිස් ගැටුමට එරෙහි ව උද්ඝෝෂණයක් කොටුවේ දී

දිනපතා සිදුවන වනඅලි ඝාතනවලට විරුද්ධ ව මෙරට සිටින සියලු ම පරිසර සංවිධාන එක් ව උද්ඝෝෂණයක් පැවැත්වෙනවා.

මෙම උද්ඝෝෂණය අද පෙරවරු 10ට ආරම්භ වූයේ කොලඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදීයි.

මෙලෙස උද්ඝෝෂණය පවත්වමින් විරෝධතාකරුවන් පෙන්වාදෙන්නේ අලි මිනිස් ගැටුම පාලනයට වගකිව යුතු බලධාරීන් පියවර ගත යුතු බවයි.

දිනපතා සිදුවන වනඅලි ඝාතනයන්ට එරෙහි ව වත්මන් ආණ්ඩුව කිසිවක් සිදු නොකරන බවත් මෙම පරිසර සංවිධාන චෝදනා කර සිටිනවා.

සුරැකුම silanka පරිසර සංවිධානය, හස්තිරාජ පෙරමුණ, justice for animal AND nature, ඇතුළු පරිසර සංවිධාන රාශියක් මෙම විරෝධතාවට එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
5
+1
3
+1
9
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?