අයිස්පීල්ල රක්ෂිතයේ ගින්නක්

වැල්ලවායේ පවුල් 5000කට පානිය ජලය ලබා දෙන අයිස්පීල්ල ජලපෝෂක රක්ෂිතයේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ගින්න හේතුවෙන් මේ වන විට අක්කර පනහකට වඩා විනාශ වී ඇති බවයි.

ඊයේ දහවල් කාලයේ හටගත් ගින්න අද අලුයම වන තුරු පැතිර ගොස් ඇති අතර රක්ෂිතයේ අක්කර පනහකට අධික භූමි ප්‍රදේශයක් ගිනිගෙන විනාශ වී ඇතැයි සඳහන්.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් පන්දහසකට පානීය ජලය ලබා දෙන අයිස්පීල්ල ජල පෝෂක සංවේදී පරිසර පද්ධතිය ආශ්‍රිතව මෙම ගින්න පැතිර ගොස් තිබෙනවා.

ගින්න හේතුවෙන් රක්ෂිතයේ තිබු තෘණ භූමිය, වන සතුන් සහ ඉපැරැණි ශාක රැසක්ම විනාශ වී ඇති අතර මෙම ගින්න මැඩපැවැත්වීමට කිසිදු පාර්ශවයක් මැදිහත් වී නොමැති බවටයි චෝදනා එල්ල වන්නේ.

කෙසේවෙතත් අද අලුයම වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී තිබූ බව අප වාර්තාකරු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"හාමුදුරුවෝ එක කෝල් එකයි දුන්නේ ජනපති උදව් කළා"අපේ ආණ්ඩුව කියන්න පුළුවන් ආණ්ඩුවක් මේ
02:47
Video thumbnail
නාමල් දන්නවා නාමල් කළේ මොකක්ද කියලා - අත්අඩංගුවට ගන්නවා කියලා දන්නවනම් කලින් රැස්වීම් තියන්න
02:22
Video thumbnail
කතරගම චණ්ඩින්ගේ හපන්කම් මෙන්න - ගෙවල් කඩලා, ළමයින්ගේ පොත් පත්, ඇඳුම් සේරම ගිනි තියලා ගිහින්
03:30
Video thumbnail
ටීපර් රථයක් පළතුරු කඩයක් කඩාගෙන නැවතෙයි - 31ක හැවිරිදි පුද්ගලයෙක්ට දිවි අහිමි වෙයි
00:43
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08