AFC Banner
Empty Ad
Empty Ad

අයිස්පීල්ල රක්ෂිතයේ ගින්නක්

වැල්ලවායේ පවුල් 5000කට පානිය ජලය ලබා දෙන අයිස්පීල්ල ජලපෝෂක රක්ෂිතයේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ගින්න හේතුවෙන් මේ වන විට අක්කර පනහකට වඩා විනාශ වී ඇති බවයි.

ඊයේ දහවල් කාලයේ හටගත් ගින්න අද අලුයම වන තුරු පැතිර ගොස් ඇති අතර රක්ෂිතයේ අක්කර පනහකට අධික භූමි ප්‍රදේශයක් ගිනිගෙන විනාශ වී ඇතැයි සඳහන්.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් පන්දහසකට පානීය ජලය ලබා දෙන අයිස්පීල්ල ජල පෝෂක සංවේදී පරිසර පද්ධතිය ආශ්‍රිතව මෙම ගින්න පැතිර ගොස් තිබෙනවා.

ගින්න හේතුවෙන් රක්ෂිතයේ තිබු තෘණ භූමිය, වන සතුන් සහ ඉපැරැණි ශාක රැසක්ම විනාශ වී ඇති අතර මෙම ගින්න මැඩපැවැත්වීමට කිසිදු පාර්ශවයක් මැදිහත් වී නොමැති බවටයි චෝදනා එල්ල වන්නේ.

කෙසේවෙතත් අද අලුයම වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී තිබූ බව අප වාර්තාකරු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?