AFC Banner
AFC Banner
Empty Ad

අයහපත් කාලගුණයෙන් වගා හානි වූ ගොවීන්ට දැනුම්දීමක්

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණයත් සමඟ සිදු වූ වගා හානි සම්බන්ධයෙන් හෙට (10) දිනයට පෙර දැනුම් දෙන ලෙස කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවියන්ට දැනුම් දෙනවා.

මේ අතර කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි සඳහන් කළේ මේ වන විටත් නිලධාරීන් හානි වූ ගොවිබිම් වෙත ගොස් හානිය ඇස්තමේන්තුගත කිරීම් ආරම්භ කර ඇති බවයි.

ඒ, අනුව පූර්ණ හානි වූ වගාබිම් වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක් වන්දියක් ගෙවන බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මීට පෙර සඳහන් කළේ.

මෙම වගා හානි වන්දි ලබාදීම වෙනුවෙන් රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 1,000ක්.

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල වගාබිම්වලට වැඩි වශයෙන් හානි සිදුව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?