අමෙරිකාවේදී මිය ගිය ශ්‍රී ලාංකිකයාගේ අබිරහස් මරණය ගැන විමර්ශනයක්

ඇමරිකාවේදී අබිරහස් ලෙසට මියගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකුගේ මරණය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඇට්ලන්ටා ක්‍රොගර් ප්‍රදේශයේ කැස්කැඩ් පාරේ වෙළඳසැලක් අසල මෝටර් රථයක් තුළ මියගොස් සිටියදී මෙම තරුණයාගේ සිරුර හමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එක්සත් ජනපද කෙනසෝ පොලිසිය මේ වන විට මෙම මරණය සම්බන්ධයෙන් විවිධ අංශ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

හසිත් නවරත්න නම් මෙම ශ්‍රී ලාංකිකයා අතුරුදන් වී ඇත්තේ පසුගිය 2 වනදා යි.

ඔහු අවසන් වරට ඇට්ලන්ටා වෙත ගමන් කළේ සුදු පැහැති මෝටර් රථයකින් බව පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

පොලිසිය සිදු කළ විමර්ශනයේ දී මරණ පරීක්ෂණ ස්ථානයෙන් හමුවූ සාක්ෂි අනුව මියගිය පුද්ගලයා හසිත් නවරත්න බව පෙනී යන බවයි බලධාරීන් සඳහන් කර ඇත්තේ.

දේහය ශ්‍රී ලංකික තරුණයාගේ බවට පවුලේ අය සහ විමර්ශකයින් විශ්වාස කරන අතර සිරුර සොයා ගන්නා විට එය නරක් වී තිබූ බවද පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

ෆුල්ටන් ප්‍රාන්තයේ වෛද්‍ය පරීක්ෂක කාර්යාලයෙන් ඔහුගේ අනන්‍යතාවය සහ මරණයට හේතුව තහවුරු කරනු ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම තරුණයා අතුරුදහන් වූ බවට වාර්තා වූ විට පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදන ද අවලංගු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
1
+1
27
+1
6
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ අත අල්ලලා කිව්ව දේ
01:19
Video thumbnail
මන්ත්‍රී කොටියව උත්තරීතර පාර්ලිමේන්තුවෙන් නෙරපා දාන්න
00:59
Video thumbnail
සත්‍යග්‍රහයට මනුස්සයෙක් කඩා පනියි..උණුසුම් තත්ත්වයක්
00:31
Video thumbnail
රනිල්ගේ නඩුවට තොරතුරු එකතු කරන්න ගිය සිද්ධිය ගැන කතක් කට අරියි - තොරතුරු දැනගැනීමේ පනත බ##ට දාලා
07:22
Video thumbnail
Praharaya| සමගි ජන බලවේගයේ පා.ම එස්. එම් මරික්කාර් සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ලක්මාලි නැගිටලා නාමල්ට හොඳ පදෙන්ම අමතයි - සිහිවිකල්වෙලා වගේ කතා කරන්න දෙන්න බෑ..මොන හයියක්ද ?
10:23
Video thumbnail
සජිත් පොරොන්දු ගැන කියලා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි - ගොවියා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලුවේ
08:04
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ මූණ අල්ලලා කිව්ව දේ..උද්ඝෝෂණයට එක්වුණු නාමල්, චානක ඇතුළු ප්‍රබලයෝ
02:52
Video thumbnail
ප්‍රසාද් ආණ්ඩුවට දුම් විසිවෙන්න දෙද්දි විපක්ෂයේ සෙට් එකට හිනා - ඊබ්‍රාහිම් ඔයා වෙනුවෙන් කළේ මොනවද ?
11:03
Video thumbnail
ඇයි ඇයි උඹලා චණ්ඩි ද.. දාපන් මේක
01:01