අම්පාරේ මාරක අනතුරක් දෙදෙනෙක් මරුට – තවත් දෙදෙනෙකුට තුවාල

අම්පාර පොලිස් වසමේ ට්‍රැක්ටර් හන්දිය අසල දී ටිපර් රථයක් ත්‍රීරෝද රථයක ගැටී ඊයේ (26) රාත්‍රියේ මාරක අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂය පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

බුද්ධංගල දෙස සිට හොල්මන්ගල දෙසට ධාවනය වූ ටිපර් රථයක් බාලිකා වට රවුම දෙස සිට අම්පාර මහ රෝහල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කළ තවත් පුද්ගලයින් තිදෙනෙකු අම්පාර රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී තවත් එක් පුද්ගලයෙකු මියගොස් තිබනවා.

මියගිය පුද්ගලයින් අවුරුදු 23 හා 24 වයස්වල පසුවන දඩයන්තලාව හා නවගම්පුර ප්‍රදේශවල පදිංචිකරුවන්.

අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අම්පාර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20