AFC Banner
Empty Ad
Empty Ad

අපරාධ රැසකට සම්බන්ධ සුරේෂ් බායි අත්අඩංගුවට

සිංහල අලුත් අවුරුදු දා මරදාන ටෙක්නිකල් හන්දියේ දී පුද්ගලයෙකුට පහරදී තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදු කළ පංචිකාවත්තේ සුරේෂ් බායි ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන පංචිකාවත්තේ සුරේශ් බායි නමැත්තා සන්තකයේ තිබී අත්බෝම්බයක් හා පහර දීමට යොදා ගත් කඩුවක් ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

ඉකුත් 14 වැනි දින දවල් කාලයේ දී පංචිකාවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට පහර දීමේ සිද්ධියක් මුල් කරගෙන සුරේෂ් බායි ඇතුළු පුද්ගලයන් 12 දෙනකු පමණ ත්‍රී රෝද රථ දෙකකින් සහ යතුරු පැදියකින් මරදාන ටෙක්නිකල් හංදිය වෙත ගොස්
මෙම ප්‍රතිප්‍රහාරය එල්ල සිදු කර තිබෙනවා.

පහරදීම හේතුවෙන් එම පුද්ගලයාගේ අතකට සහ පාදයකට බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙන අතර සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙනවා.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු මීට පෙර අපරාධ රැසකට සම්බන්ධව පොලිස් අත්අඩංගුවට පත්ව ඇප මත සිටින පුද්ගලයෙක් බව පොලීසිය සදහන් කරනවා.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?