AFC Banner
Empty Ad
Empty Ad

අපරාධවලට සම්බන්ධ 4ක් පොලිස් අත්අඩංගුවට

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ පුද්ගල ඝාතන සහ තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදු කිරීම් ඇතුලු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මාතලේ නාවුල සහ මොරටුව ප්‍රදේශවලදීයි. නාවුල ලේණමීය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් තුන්දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුගිය 2022 වසරේ ඔක්තෝම්බර් මස 5 වනදායි මෙම ඝාතනය සිදුවී තිබුණේ.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අපරාධයට යොදාගත් පිහි දෙකක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

අවුරුදු 38 සහ 49 වයස්වල පසුවන සැකකරුවන් නාවුල ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක්.

ඔවුන් අද නාවුල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර මොරටුව ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කිරීමට අදාළ සැකකරුවෙකු ඊයේ රාවතාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

මොරටුව පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි ඊයේ රාත්‍රී වැටලීම සිදුකර ඇත්තේ.

එම පුද්ගලයා සතුව තිබී මන්නා පිහි 5ක් කඩු 3ක් සහ තවත් පිහියක් සොයා ගැණුනා.

මොරටුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ කර ඇත්තේ මුදලට මෙලෙස පුද්ගලයින් කපා කොටා පහරදීම් සිදු කරන බවටයි.

සැකකරු අද මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔරුවක නැගලා මහ වැස්සේ දීගෙක යන ජෝඩුව #couple #viralnews #shortvideo #1millionaudition
00:04
Video thumbnail
මාන්නප්පෙරුමඅයින්වුනා කිව්වාම මම Shok වුණා #sjb #short #vrall
00:16
Video thumbnail
හිරුණිකා අයින් වෙලා කියලා මම දන්නේ නෑ #sajithpremadasa #hirunika_premachandra ##sjb
03:38
Video thumbnail
සජබය ට පාර්ලිමේන්තු මැතිවරණය දිනන්න ඕනි නම් කළ යුතු දේ හිරුණිකා කියයි #hirunika_premachandra #sjb
01:56
Video thumbnail
අතුරුදහන් වුණ පුද්ගලයන් ගැන හොයන්න ආණ්ඩුවට සදාචාරාත්මක වගකීමක් තියෙනවා
02:39
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය සංවේදීව මාධ්‍යට කිව්ව කතාව #keheliyarambukwella
05:04
Video thumbnail
ජනපති අනුරගේ හොඳ කියන හිරුණිකා - කළකිරුනු හිරුණිකා සජබ පැටිකිරියම දිගහරී
02:27
Video thumbnail
මේ ආණ්ඩුවත් ජනතාවට සහන දෙන්නේ නෑ - දින දෙක තුනක් බිත්තර අඩුවුණා
02:55
Video thumbnail
සජිත්ගේ පරාජයට හේතුව හරුණිකා මාධ්‍යට කියයි - පුතාණෝගේ සායම එළිපිටම විනාසයි #sajithpremadasa #sjb
03:53
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන තත්ත්වයක් තියෙන්නේ #npp #akd #anurakumaradissanayake
01:19

?