“අනේ පල ….. උඹ මොකෙද්ද බන්… ඒයි ගහන්න එපා..!! සාමකාමීව සමරපන්..!!”

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය සහ පීඩාවට පත් පිරිස සිහි කර අද පාර්ලිමේන්තුවේදී ද විනාඩියක නිහැඩියාවක් ආරක්ෂා කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ විශේෂ ප්‍රකාශයෙන් පසුව කළ ඉල්ලීමකට අනුවයි. අද ආණ්ඩු පක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන් කළු පටි පැළද සභාවට පැමිණ සිටි අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කළු පැහැති ඇඳුම්වලින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ සිටියා.

අනතුරුව, දේශපාලන පළි ගැනීම් පිළිබද ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් විපක්ෂය ප්‍රශ්න කිරීමත් සමඟ සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ අතරතුර, ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගර්භය මැදට පැමිණ වචන හුවමාරුවක නිරත වූ බවයි හිරු පාර්ලිමේන්තු වාර්තාකරු ප්‍රකාශ කළේ.

ඇතැම් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විපක්ෂයට විරෝධය පළ කරමින් පුවරු අතැතිව සභා ගර්භයට පැමිණ තිබුණා.

දෙපාර්ශවය අතර වචන හුවමාරුව ගැටුම්කාරි තත්ත්වයක් දක්වා දුරදිගගොස් තිබූ අතර, එහිදී ඇතිවූයේ දැඩි උණුසුම් තත්ත්වයක්.

සභාවේ කටයුතු පාලනය සඳහා කතානායකවරයා පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10කට අත්හිටුවනු ලැබුවා. අනතුරුව, සභා ගර්භයෙන් එලියට පැමිණි ඇතැම් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර, සංවාදාත්මක තත්ත්වයක් ඇතිව තිබූ අතර, පාර්ලිමේන්තු සංකීර්ණයේ වෛද්‍ය ශාලාව අසලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ ජානක තිස්ස කුට්ටිආරච්චි අතර ගැටුම්කාරිත්වයක් ඇති වූ බවයි හිරු පාර්ලිමේන්තු වාර්තාකරු ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29