අනු ශූරයන් හමුවේ ලෝක ශූරයන් පරදී

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවති පළමු තරගය ජය ගැනීමට පසුගිය ලෝක කුසලානයේ අනු ශුරයන් වූ නවසීලන්ත කණ්ඩායමට සමත්වුණා.

අහමදාබාද් හිදී තරගය පැවැත්වුණේ එංගලන්තය කණ්ඩායම සමගයි.

කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 282ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Matt Henry එංගලන්ත කණ්ඩායමේ කඩුලු 3ක් බිඳ හෙලු අතර Mitchell Santner කඩුලු 2ක් දවා ගත්තා.

තරගය ජයගැනීමට නවසීලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 283ක්.

එම ඉලක්කය හඹාගිය නවසීලන්තය පන්දුවාර 36යි පන්දු 02ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 283ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළා.

නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගිය ඩෙවොන් කොන්වේ ලකුණු 152ක් සහ රචින් රවින්ද්‍ර ලකුණු 123ක් ලබා ගත්තා.

ලෝක කුසලාන තරගයකදී ශතකයක් වාර්තා කළ නවසීලන්ත කණ්ඩායමේ ලාබාලතම ක්‍රීඩකයා ලෙස රචින් රවින්ද්‍ර වාර්තා අතරට ද එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34