spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අනු ශූරයන් හමුවේ ලෝක ශූරයන් පරදී

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවති පළමු තරගය ජය ගැනීමට පසුගිය ලෝක කුසලානයේ අනු ශුරයන් වූ නවසීලන්ත කණ්ඩායමට සමත්වුණා.

අහමදාබාද් හිදී තරගය පැවැත්වුණේ එංගලන්තය කණ්ඩායම සමගයි.

කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 282ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Matt Henry එංගලන්ත කණ්ඩායමේ කඩුලු 3ක් බිඳ හෙලු අතර Mitchell Santner කඩුලු 2ක් දවා ගත්තා.

තරගය ජයගැනීමට නවසීලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 283ක්.

එම ඉලක්කය හඹාගිය නවසීලන්තය පන්දුවාර 36යි පන්දු 02ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 283ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළා.

නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගිය ඩෙවොන් කොන්වේ ලකුණු 152ක් සහ රචින් රවින්ද්‍ර ලකුණු 123ක් ලබා ගත්තා.

ලෝක කුසලාන තරගයකදී ශතකයක් වාර්තා කළ නවසීලන්ත කණ්ඩායමේ ලාබාලතම ක්‍රීඩකයා ලෙස රචින් රවින්ද්‍ර වාර්තා අතරට ද එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?