අනුර කුමාර දිසානායක ඇතුලු 26කට අධිකරණයෙන් නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු පුද්ගලයින් 26 දෙනෙකුට අද උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම වළක්වාලමින් නියෝගයක් ලබාදී තිබෙනවා.

අද පස්වරු 1 සිට රාත්‍රී 8 දක්වා කාලය තුළ දී කොටුව පොලිස් වසමට අදාළ මාර්ගවල අවහිරතාවක් සහ මාර්ගවල ගමන් ගන්නා වාහනවලට බාධා කිරීම් නොකරන ලෙසට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් අධිකරණ අඥාවක් නිකුත් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළා.

කළහකාරී ලෙස හැසිරෙමින් රාජ්‍ය දේපළවලට හෝ මහජනතාවට හානි සිදු කරන්නේ නම් දණ්ඩ නීති සංග්‍රහය, පොලිස් ආඥා පනත, මංමාවත් පනත හා මැතිවරණ පනත යටතේ ක්‍රියාකරන ලෙසයි අධිකරණය විසින් පොලිසියට උපදෙස් ලබා දී ඇත්තේ.

පොලිසිය කළ ඉල්ලීමකට අනුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඉහත නම් කළ සියලුදෙනාට හා උද්ඝෝෂකයින්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය සහ ගාලුමුවදොර පිටිය පරිශ්‍රය ඇතුළු නම් කරන ලද ස්ථාන කිහිපයකට ඇතුළුවීමෙන් වළකින ලෙසට ද අධිකරණය දැනුම් දී තිබෙනවා.

අධිකරණය විසින් නිකුත් කර ඇති මෙම ආඥාව කඩ කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බවටයි වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය සංවිධානය කරන මෙම විරෝධතාව අද (26) කොළඹදී පැවැත්වීමට නියමිතයි.

විරෝධතාවය අද පස්වරු 2.30ට කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසලින් ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

Cort Order New


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31