අනුර කුමාර දිසානායක ඇතුලු 26කට අධිකරණයෙන් නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු පුද්ගලයින් 26 දෙනෙකුට අද උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම වළක්වාලමින් නියෝගයක් ලබාදී තිබෙනවා.

අද පස්වරු 1 සිට රාත්‍රී 8 දක්වා කාලය තුළ දී කොටුව පොලිස් වසමට අදාළ මාර්ගවල අවහිරතාවක් සහ මාර්ගවල ගමන් ගන්නා වාහනවලට බාධා කිරීම් නොකරන ලෙසට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් අධිකරණ අඥාවක් නිකුත් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළා.

කළහකාරී ලෙස හැසිරෙමින් රාජ්‍ය දේපළවලට හෝ මහජනතාවට හානි සිදු කරන්නේ නම් දණ්ඩ නීති සංග්‍රහය, පොලිස් ආඥා පනත, මංමාවත් පනත හා මැතිවරණ පනත යටතේ ක්‍රියාකරන ලෙසයි අධිකරණය විසින් පොලිසියට උපදෙස් ලබා දී ඇත්තේ.

පොලිසිය කළ ඉල්ලීමකට අනුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඉහත නම් කළ සියලුදෙනාට හා උද්ඝෝෂකයින්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය සහ ගාලුමුවදොර පිටිය පරිශ්‍රය ඇතුළු නම් කරන ලද ස්ථාන කිහිපයකට ඇතුළුවීමෙන් වළකින ලෙසට ද අධිකරණය දැනුම් දී තිබෙනවා.

අධිකරණය විසින් නිකුත් කර ඇති මෙම ආඥාව කඩ කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බවටයි වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය සංවිධානය කරන මෙම විරෝධතාව අද (26) කොළඹදී පැවැත්වීමට නියමිතයි.

විරෝධතාවය අද පස්වරු 2.30ට කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසලින් ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

Cort Order New


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12