AFC Banner
Empty Ad
Empty Ad

අනියම් සම්බන්ධය පහක් රෝහලට යවලා

අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සිදුකළ පහරදීමකින් පුද්ගලන් පස්දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

මෙලෙස තුවාල ලැබුවන් අතර කාන්තාවන් තිදෙනෙක් ද වන බවයි පොලිසිය පැවසුවේ.

ඔවුන් 28,30 ආශා 50 යන වයස්වල පසුවන තැනැත්තියන් වන අතර, තුවාල ලැබූ පිරිමි පුද්ගලයින් දෙදෙනා 28 සහ 30 යන වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

ඊයේ (19) රාත්‍රියේ රාමනාදපුරම්, කල්මඩුනගර් ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් මොවුන්ට පහර දී තුවාල සිදුකර තිබෙනවා.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් දෙදනෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත්කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පහරදීමට සම්බන්ධ කිලිනොච්චිය, වට්ටකච්චි ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් 24, 33 සහ 59 යන වයස්වල පසුවන්නන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?