අනවසර විදුලි කප්පාදුව ගැන ලිඛිතව දැනුම්දෙන්නැයි ඉල්ලීමක්

විදුලි බිඳවැටීම් පිළිබඳව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දෙන ලෙස විදුලි පාරිභෝගිකයින්ගෙන් මහජන උපයෝගීතා කොමිසම ඉල්ලීමක් කරනවා.

විදුලිබල මණ්ඩලය විසින් අනවසර විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නම්, ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දෙන ලෙසටයි කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ.

උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ජනවාරි 26 සිට පෙබරවාරි 17 දක්වා විදුලිය විසන්ධි කිරීම සඳහා වන කිසිදු ඉල්ලීමක් අනුමත නොකරන බව මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට ලිඛිතව දැනුම්දීමක් ද කර තිබෙනවා.

ජනතාව චෝදනා කළේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවට ප්‍රකාශ කළ ද ඊයේ සහ අද පැය 2කට අධික කාලයක් විදුලිය විසන්ධි වූ බවයි.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව
6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ අංක 28,
ශාන්ත මයිකල් පාර, කොළඹ 3,
ශ්‍රී ලංකා.

දුරකතන: (+94 11)2392607/8
විද්‍යුත් ලිපිනය: [email protected]

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
අවුල් වගේ !
3
හරි හිනා !
5
හම්මෝ !
0
මාර දුකයි !
3
මලපනිනව !
4
කුජීතයි !
3
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?