AFC Banner
Empty Ad
Empty Ad

අනතුරකින් ලාංකිකයකු ඉතාලියේ දී මරුට

ශ්‍රි ලාංකිකයකු ඉතාලියේ බෙර්ගමෝ නගරයේදි සිදු වු රිය අනතුරකින් මිය ගොස් තිබෙනවා.

බෙර්ගමෝ නගරයේ පදිංචි ව සිටි සංජීව ප්‍රදීප් ප්‍රනාන්දු නැමති 45 හැවිරිදි දෙදරු පියෙක් මෙලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පාපැදියකින් ගමන් කරමින් සිටියදි එම දෙසටම ධාවනය වෙමින් තිබු විශාල ලොරි රථයක ගැටි මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් බරපතල තුවාල ලබා සිටි සංජීව ප්‍රදිප් හදිසි ප්‍රතිකාර ගිලන් රථ එම ස්ථානයට ළඟවන විටත් මියගොස් ඇති බව පොලිසිය පැවසීය,

මෙහිදී මියගිය සංජිව ප්‍රදිප් මාරවිල ප්‍රදේශයේ පදිංචි අයෙකි.

තම පවුලේ සමාජිකයන් සමග රැකියාව කරමින් ඉතාලියේ ජිවත් වු අයෙක් වන ඔහු බෙර්ගමෝ රථවාහන පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
0
+1
0
+1
17
+1
6
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?