යෝජිත අධ්යාපන සභාව ස්ථාපිත කිරීම සඳහා වන පාර්ලිමේන්තු අනුකමිටුව, එහි සභාපති, කම්කරු නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහගේ ප්රධානත්වයෙන් ඊයේ (19) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වුණා.
ශ්රී ලංකාවේ අධ්යාපන ක්ෂේත්රයේ පරිවර්තනයක් ඇති කිරීමේ අරමුණින් ස්ථාපිත කිරීමට යෝජිත අධ්යාපන සභාව පිහිටුවීමට අදාළ ක්රියාවලියේ වත්මන් ප්රගතිය පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමුව තිබුණා.
එහිදී අනාවරණ වූයේ අදාළ ක්රියාවලියේ සැලකිය යුතු ප්රමාදයක් පවතින බවයි.
යෝජිත අධ්යාපන සභාව ස්ථාපිත කිරීම සඳහා 2026 අගෝස්තු 17 වැනිදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති අතර, අදාළ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීමට ද තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, එතැන් සිට මාස දෙකකට අධික කාලයක් ගත වී තිබුණද, අදාළ යෝජනාව නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කර නොමැති බව අනුකමිටු රැස්වීමේදී අනාවරණය වූ බව වාර්තා වනවා.
සාමාන්යයෙන් කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව යෝජනා නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීමේ ක්රියාවලිය කඩිනමින් සිදු කෙරෙන නමුත්, අධ්යාපන සභාව පිහිටුවීමට අදාළව එම ක්රියාවලියේ ප්රමාදයක් පවතින බව එහිදී සාකච්ඡා වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්යාපන අමාත්යාංශයේ නිලධාරීන් ප්රකාශ කර ඇත්තේ, අධ්යාපන සභාව පිහිටුවීමට අදාළ යෝජනාව පසුදින (20) නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි.
මීට පෙර පැවැති සාකච්ඡාවලදී ද අධ්යාපන සභාව ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අධ්යාපන අමාත්යාංශයේ ප්රමාදයක් පවතින බවට කරුණු ඉදිරිපත් වී තිබෙනවා.
ඒ අනුව, අධ්යාපන සභාව ස්ථාපිත කිරීමේ සමස්ත ක්රියාවලිය මාස 08කින් පමණ ප්රමාද වී ඇති බව මෙවර අනුකමිටු රැස්වීමේදී අනාවරණ වී තිබෙනවා.
මේ පිළිබඳව අදහස් දක්වමින් අධ්යාපන සභාව ස්ථාපිත කිරීම සඳහා වන පාර්ලිමේන්තු අනුකමිටුවේ සභාපති, කම්කරු නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ ප්රකාශ කළේ, අදාළ වගකිවයුතු පාර්ශ්ව දැනුවත් කර මෙම ක්රියාවලිය කඩිනම් කිරීමට කටයුතු කරන බවයි.
