අද (17) සිට සුරාසැල් විවෘත කරන්න අවසර ලැබුණා ද ? සුරාබදු කොමසාරිස් පිළිතුරු දෙයි

අද (17) දිනයේ සිට බීර වර්ග අලෙවි කරන ස්ථාන විවෘත කිරීමට අවසර ලබාදී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි පවසනවා.කෙසේවෙතත් විදේශීය සංචාරකයින් සඳහා සංචාරක හෝටල්වල සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කරලීම සඳහා සුරාබදු කොමසාරිස්වරයා විසින් පසුගියදා අවසර ලබාදෙනු ලැබුවා.

ජෛව සංචාරක බුබුළු සංකල්පය යටතේ විදේශීය සංචාරකයින්ට මෙරටට පැමිණීමටත්, සංචාරක මණ්ඩල අනුමැතිය සහිත හෝටල්වල නවතා ගැනීමටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට පෙර අවසර ලබාදී තිබුණා.

එසේ පැමිණෙන විදේශීය සංචාරකයින් වෙනුවෙන් එම සංචාරක හෝටල්වලට නිකුත් කර ඇති සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදී ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ සඳහන් කළේ.

මේ අතර, නිරෝධායන ඇඳිරි නීතිය අවසන් වූ වහාම සෙසු ව්‍යාපාරික ස්ථාන සමඟ මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර ලත් ස්ථානද විවෘත කිරීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.දිගු කාලයකට පසුව විවෘත කිරීමේදී මත්පැන් අලෙවි කරන ස්ථාන ඉදිරිපිට පාරිභෝගිකයින් ඒකරාශි වීම සහ අනවශ්‍ය තදබදයක් ඇතිවීම වැළැක්වීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩපිලිවෙලක් සකස් කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06