අද කොරෝනා ආසාදිතයන් 3000 ඉක්මවයි

තවත් කොරෝනා ආසාදිතයන් 738ක් වාර්තා වනවා.

ඒ අනුව අද මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 3306ක්.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 192,547ක් දක්වා ඉහළ ගොස් තිබේනවා.

මේ අතර අද දිනය තුළ ආසාදිතව සිටි 1,504ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබූ සමස්තය ගණන 160,714  දක්වා ඉහල ගියා.

අද දිනයේ මෙරට දෛනික කොරෝනා ආසාදිතයන් 3000 සීමාව ඉක්මවා ගියේ දින 12 කට පසුවයි. මිට  පෙර පසුගිය මැයි 21 වනදා මෙරටින් ආසාදිතයන් 3583ක් වාර්තා වුණා.