spot_imgspot_img
spot_img

අදින් ආරම්භවන 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අද (05) ආරම්භවීමට නියමිතයි.

එහි පළමු තරගය එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වෙනවා. 1975 වසරේදී එංගලන්තයේදී ඇරඹි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 13 වැනි අදියර අද ආරම්භ වීමට නියමිතව තිබේ. තරගාවලිය පැවැත්වෙන්නේ ක්‍රීඩාංගණ 10කදී ය.

තරගාවලිය ආරම්භ කරමින් අද තරග බිමට පිවිසෙන එංගලන්තයේ සහ නවසීලන්තයේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ආබාධවලට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ අතර නවසීලන්ත නිත්‍ය නායක කේන් විලියම්සන් සහ වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුතිගේ සහභාගීත්වය ද අවිනිශ්චිත බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ සඳහන් විය.

අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?