Empty Ad
AFC Banner
Empty Ad

අදත් දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (13) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එමෙන්ම ඌව පළාතේත් මාතලේ, නුවරඑළිය, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් මාතර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴විදේශ සේවා කෝප් කමිටුව උණුසුම් වෙයි - හොඳ හොඳ සෙල්ලම් එළියට එන COPE කමිටු රැස්වීම සජීවීව
00:00
Video thumbnail
අද කෝප් කමිටුවේ හොඳම ටික මෙන්න - ජගත් මනුවරණට මේවා දැකලා හොඳටම මල
27:04
Video thumbnail
විදේශ සේවා කෝප් කමිටුව උණුසුම් වෙයි
08:53
Video thumbnail
කෝප් සභාපතිට අද හොඳටම තදවෙයි - මේක ගෙදර කියලා හිතුවද ඔයාලා
03:23
Video thumbnail
ජනපති සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර හමුවක්
00:50
Video thumbnail
හත්තිලව්වේ තාම බැරිවුණා පොල් ගෙඩියේ මිල ඉහළ යන එක නවත්තගන්න
00:24
Video thumbnail
නුවන් බෝපගේගෙන් පොලීසියට ලොකු බාල්දියක්
00:54
Video thumbnail
ජනපති දිසාපතිවරුන්ට දුන්නු ඔවදන #anurakumaradissanayake
01:31
Video thumbnail
සජබයේ මුජිබර් සජබය අත හැර මාලිමාවට එක්වෙයි - පාර්ලිමේන්තුවේදී දැනුම් දෙයි
16:31
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
05:45:26

?