AFC Banner
AFC Banner
Empty Ad

අදත් ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට අද (06) දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල මිලි මීටර් 50ට වැඩි තරමක් තද වැසි ද බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව, මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද (06) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?