අත්අඩංගුවට ගත් නාමල් සහ ජොන්ස්ටන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගියා.

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (04) පෙරවරු 09.00ට පමණ නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසම වෙත පැමිණියා.

එලෙස පැමිණි අවස්ථාවේ දී ඔහුගෙන් ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරව මන්ත්‍රීවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම මහනුවර, පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලට පුටු සැපයීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකිරීමෙන් රජයට පාඩු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාළව අද (04) ප්‍රවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේ දී හිටපු අමාත්‍යවරයාව අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුව ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ හැටි - වැඳගෙන ගැම්මට බහින නාමල්
01:16
Video thumbnail
අත්‍යාවශ්‍ය පිළිකා ඖෂධවල හිඟයක් තියෙනවා - රු.900ට තිබුණ පිළිකා ඖෂධය ගත්තේ රු.30,000 කට
01:26
Video thumbnail
නාමල් රැගෙන යද්දි මිනිස්සු වටවෙලා කිව්ව දේ - "හුණ්ඩු කොටා..බය වෙන්න එපා අපි ඉන්නවා ඕනි දේකට"
01:43
Video thumbnail
අත්අඩංගුවට ගත් නාමල් සහ ජොන්ස්ටන් කොටුව අධිකරණයට ගෙන ගිය හැටි
01:41
Video thumbnail
නීතිපතිට නීතිඥ මනෝජ්ගෙන් දැඩි චෝදනාවක් - නීතිපතිතුමෝ කැටයම් ක#පන්න ලෑස්ති වෙන්න එපා
07:40
Video thumbnail
අල්ලස් කොමිසම ඉදිරියේ නවතම තත්ත්වය මෙන්න - පොහොට්ටු ප්‍රබලයින් රැදී සිටින අයුරු
01:20
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
00:40
Video thumbnail
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
00:35
Video thumbnail
🔴Breaking News
01:26
Video thumbnail
නියත වශයෙන්ම 2029 නාමල් රාජපක්ෂව ජනපති කරනවා - පුළුවන් නම් ජනතාව එන එක නවත්තන්න
02:03