අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දුර්වල වෙයි – බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරට අදත් වැසි

ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර අහස වලාකුළින් බරව පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

ඌව සහ නැගෙනහිර පළාත් වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක අද (17) පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හකි බවයි දැනුම් දෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted