අකුණු සැර වැදීමක් නිසා ගොඩබැස්ස වූ යානයේ සිටි මඟීන්ට ආදේශක ගුවන්යානයක්

අද (12) දින අලුයම 00.05ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් සිඩ්නි නුවර බලා පිටත්ව ගිය UL 606 දරණ ගුවන්යානය අයහපත් කාලගුණික තත්ත්වය යටතේ ඇති වූ අනතුරුදායක සිදුවීමක් හේතුවෙන් නැවත ගුවන්තොටුපළට ආරක්‍ෂිතව ගොඩබස්වා ඇති බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය විසින් එම සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ සඳහන් වනවා.

මෙම ගුවන්යානයේ මඟීන් 207 දෙනෙක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 16 දෙනෙක් ගමන් කරමින් සිටි ඇති බවයි අමාත්‍යාංශය තහවුරු කරන්නේ.

යානය ගුවන් ගත වී කෙටි වේලාවකදී, එක් එන්ජිමකට මෙම අනතුරුදායක තත්ත්වය සිදු වූ හෙයින්, ගුවන් නියමුවන් යානය ආපසු ගුවන්තොටුපළ වෙත ‍ගෙන යාමට තීරණය කර තිබෙනවා.

පසුව ශ්‍රී ලංකන් ගුවන්සේවයේ බලධාරීන් විසින් ආදේශක ගුවන්යානයක් යොදා ගනිමින් එම ගුවන් ගමන අද අලුයම 05.51ට කොළඹින් නැවත සිඩ්නි බලා ගමන් කරවීමට කටයුතු යොදා ඇති බවයි වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය දැනුම්දෙන්නේ.

මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ ඉංජිනේරු සහ තාක්‍ෂණ නිලධාරීන් මේ සිදුවීම ගැන පරීක්‍ෂාකර, සොයා බලමින් සිටින අතර, සිවිල් ගුවන්සේවා අධිකාරියේ බලධාරීන් ද මේ ගැන සිය පරීක්‍ෂණ කටයුතු අරඹා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40