AFC Banner
AFC Banner
Empty Ad

මෛත්‍රීට විශ්ව සාම සම්මේලන ජාත්‍යන්තර කාර්යාලයේ දී උණුසුම් පිළිගැනීමක්

ඇමරිකාවේ විශේෂ සංචාරයක නිරත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (15) ඇමරිකාවේ වොෂින්ටන් ඩී.සී හි පිහිටි විශ්ව සාම සම්මේලනයේ ජාත්‍යන්තර කාර්යාලයට පැමිණියා.

විශ්ව සාම සම්මේලනයේ මහ ලේකම් ලැරී මොෆිට්, විශ්ව සාම සම්මේලනයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන නියෝජිත ආචාර්ය ටැගල්ඩින් හමඩ් සහ විශ්ව සාම සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිනී ටොමිකො ඩුග්ගාන් විසින් හිටපු ජනාධිපතිවරයා එහිදී පිළිගනු ලැබුවා.

එහිදී ශ්‍රී ලංකාවේ සහ ලෝක සාමය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා..

හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන විශ්ව සාම සම්මේලනයේ ආසියා පැසිෆික් උප සභාපතිවරයා ලෙස සිදුකර තිබෙන සහ මේවන විට සිදු කරගෙන යනු ලබන සේවය වෙනුවෙන් විශ්ව සාම සම්මේලනයේ ජාත්‍යන්තර කාර්යාලය විසින් විශේෂ සමරුවක් ද මෙහිදී පිළිගැන්වනු ලැබුවා.

එහි දී විශේෂ දිවා භෝජන සංග්‍රහයකට ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?