මෛත්‍රීට විශ්ව සාම සම්මේලන ජාත්‍යන්තර කාර්යාලයේ දී උණුසුම් පිළිගැනීමක්

ඇමරිකාවේ විශේෂ සංචාරයක නිරත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (15) ඇමරිකාවේ වොෂින්ටන් ඩී.සී හි පිහිටි විශ්ව සාම සම්මේලනයේ ජාත්‍යන්තර කාර්යාලයට පැමිණියා.

විශ්ව සාම සම්මේලනයේ මහ ලේකම් ලැරී මොෆිට්, විශ්ව සාම සම්මේලනයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන නියෝජිත ආචාර්ය ටැගල්ඩින් හමඩ් සහ විශ්ව සාම සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිනී ටොමිකො ඩුග්ගාන් විසින් හිටපු ජනාධිපතිවරයා එහිදී පිළිගනු ලැබුවා.

එහිදී ශ්‍රී ලංකාවේ සහ ලෝක සාමය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා..

හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන විශ්ව සාම සම්මේලනයේ ආසියා පැසිෆික් උප සභාපතිවරයා ලෙස සිදුකර තිබෙන සහ මේවන විට සිදු කරගෙන යනු ලබන සේවය වෙනුවෙන් විශ්ව සාම සම්මේලනයේ ජාත්‍යන්තර කාර්යාලය විසින් විශේෂ සමරුවක් ද මෙහිදී පිළිගැන්වනු ලැබුවා.

එහි දී විශේෂ දිවා භෝජන සංග්‍රහයකට ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06