AFC Banner
AFC Banner
Empty Ad

ගුණතිලකගේ නඩුව දිනන්න පුළුවන් – නීතිඥ චානක සේනානායක (වීඩියෝ)

ඕස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව ජනවාරි 12 වනදා යළි කැඳවීමට අධිකරණය තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නීති අංශයේ ප්‍රධානී නීතිඥ ආචාර්ය චානක සේනානායක පවසනවා.

මේ අතර ධනුෂ්ක වෙනුවෙන් සිදුකරන අභියාචනය පැය 24ක් ඇතුළත ඉදීරිපත් කිරීම සඳහා කටයතු සිදුකරමින් පවතින බව නීතිඥවරයා සඳහන් කළා.

දැනට ඉදිරිපත් වී ඇති කරුණු අනුව සහ සිද්ධි දාමය දෙස පැහැදිලිව බැලීමේදී මෙම නඩුව ජයග්‍රහණය කළ හැකි නඩුවක් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

කෙසේ වෙතත් මෙම නඩු කටයුත්ත අවසන් වනතෙක් ධනුෂ්කට ශ්‍රී ලංකාවට පැමිණීමේ හැකියාවක් නොමැති බව පැවසූ නීතිඥ ආචාර්ය චානක සේනානායක වැඩිදුරටත් සඳහන්කර සිටියේ මෙම නඩුව අවුරුද්දක පමණ කාලයක් දක්වා විභාග විය හැකි බවයි.

https://youtu.be/4hH75XnqiaM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?