ඕස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව ජනවාරි 12 වනදා යළි කැඳවීමට අධිකරණය තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නීති අංශයේ ප්‍රධානී නීතිඥ ආචාර්ය චානක සේනානායක පවසනවා.
මේ අතර ධනුෂ්ක වෙනුවෙන් සිදුකරන අභියාචනය පැය 24ක් ඇතුළත ඉදීරිපත් කිරීම සඳහා කටයතු සිදුකරමින් පවතින බව නීතිඥවරයා සඳහන් කළා.
දැනට ඉදිරිපත් වී ඇති කරුණු අනුව සහ සිද්ධි දාමය දෙස පැහැදිලිව බැලීමේදී මෙම නඩුව ජයග්‍රහණය කළ හැකි නඩුවක් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
කෙසේ වෙතත් මෙම නඩු කටයුත්ත අවසන් වනතෙක් ධනුෂ්කට ශ්‍රී ලංකාවට පැමිණීමේ හැකියාවක් නොමැති බව පැවසූ නීතිඥ ආචාර්ය චානක සේනානායක වැඩිදුරටත් සඳහන්කර සිටියේ මෙම නඩුව අවුරුද්දක පමණ කාලයක් දක්වා විභාග විය හැකි බවයි.














Don’t waste cricket board money on this howler.As he was a continuous failure in Cricket.Spend that government or SLC money to help upcoming cricketers or spend on Kusal Janith as he played much better than this rapist in every format.This law officer planning for a all inclusive visit to Aussie to save him??
Probably SLC Will sponsor the family too.