Wedding Preshoot එකට පෙර දිනයේ මනමාලයාට ලගම මිතුරෙක් කල අහස පොලව නුහුලන අපරාධය

සපුගස්කන්ද, පෙලෙන්ගහහේන හන්දියේදී පිහියකින් පහරදී 27 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මියගිය තරුණයා යෙහාන් චානුක ද අල්විස් ලෙස හඳුනාගෙන ඇත.

ඥාතීන් පැවසුවේ, චානුක ඊයේ (11) රාත්‍රී 8.00 ට පමණ මාකොල පිහිටි නිවසට පැමිණි මිතුරෙකු සමග පිටව ගිය බවයි.

ඝාතනය සිදු වී තිබුණේ, මියගිය තරුණයාගේ නිවසේ සිට කිලෝමීටරයක පමණ දුරිනි.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව සපුගස්කන්ද පොලීසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් තුවාල ලබා සිටි තරුණයා රෝහල්ගත කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ.

ඔහුට පිහියෙන් ඇන ඇතැයි කියන මිතුරා ද ඊයේ රාත්‍රියේ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇත්තේ කැපුම් තුවාල සමගයි.

සිද්ධියෙන් පසුව ඔහු ත්‍රිරෝද රථයක නැග රෝහලට පැමිණි බවට තොරතුරු ඇතැයි පොලීසිය පැවසුවේ ය.

අද උදෑසන සපුගස්කන්ද පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් සැකකරුගෙන් ප්‍රකාශයක් ද සටහන් කරගෙන තිබේ.

පහරදුන් පුද්ගලයා වසර 08 ක පමණ කාලයක සිට විදෙස්ගතව සිට මෙරට පැමිණ ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

මියගිය පුද්ගලයාගේ ඥාතීන් පැවසුවේ, පසුගිය 19 වැනි දා විවාහ ගිවිසගෙන තිබු ඔහු අද දිනය ඡායාරූප ගැනීමට වෙන්කරගෙන තිබූ බවයි.

මිය යාමට පෙර තරුණයා සිය මිතුරා තමන්ට පිහියකින් ඇන්න බව ප්‍රකාශ කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ඝාතනයට භාවිත කළ පිහිය ද මේ වනවිට ඇත්තේ පොලීසිය භාරයේයි.

චානුක ද අල්විස්ගේ ඝාතනයට හේතුව මිතුරන් දෙදනා අතර ඇති වූ ආරවුලක් ද?

එසේ නම් ආරවුල ඇතිවූයේ කුමන හේතුවක් මත ද?

පොලීසිය තවමත් මේ පිළිබඳ විමර්ශන සිදු කරන අතර ඝාතනයට නිශ්චිත හේතුවක් අනාවරණය කරගෙන නැත.

– NewsFirst
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57