රටේ ආර්ථික වර්ධනයට දායක වීම සඳහා ඉහළ ක්රය ශක්තියක් සහිත සංචාරකයින් මිලියන 2.5ක් ඇතුළුව සංචාරකයන් මිලියන 5ක් ආකර්ෂණය කර ගැනීම අරමුණ කර ගනිමින් රජයේ නව සංචාරක උපාය මාර්ගය වන ‘Visit Sri Lanka’ නව සංචාරක සැලැස්ම ඉදිරි මාස කිහිපය තුළ දියත් කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා
ඊයේ (23) පස්වරුවේ පැවති උත්සවයකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා
ශ්රී ලංකාවට වාර්ෂිකව සංචාරකයන් මිලියන 10ක් පමණ ගෙන්වා ගැනීමට හැකියාව පවතින බවත්, ඉන් බහුතරයක් ආසියානු සහ ඉන්දියන් සාගර කලාපයේ සංචාරකයින් වනු ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්රකාශ කළා. සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ දී සූපශාස්ත්රය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට සැලසුම් කර ඇති අතර සූපශාස්ත්රය පිළිබඳ පාසලක් ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි ජනාධිපති රනිල් වික්රමසිංහ වැඩිදුරටත් පැවසුවා
