VIDEO:ගිනිගත් නෞකාව අයත් සමාගමෙන් ශ්‍රී ලංකා වැසියන්ට පණිවිඩයක්

කොළඹ වරාය ආසන්න මුහුදේ දී ආපදාවට ලක් වී මේවන විට ගිලෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමවන “එක්ස්ප්‍රස් ෆීඩර්ස්”, ශ්‍රී ලංකාවාසීන්ගෙන් සමාව අයැද සිටිනවා.

එක්ස්ප්‍රස් ෆීඩර්ස් සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී ෂ්මුවෙල් යොස්කොවිට්ස් මහතා “චැනල් නිවුස් ඒෂියා” රූපවාහිනී නාලිකාව සමග සම්බන්ධ වෙමින් මේ බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවාසීන්ගේ ජන ජීවිතයට සහ පරිසරයට සිදුවූ දෙය සම්බන්ධයෙන් තමන් අතිශය කණගාටුවන බවත්, ඒ පිළිබඳව තමා සමාව අයදින බවත් ඔහු පවසනවා.

කෙසේ වෙතත් මේවන තෙක් නෞකාවෙන් තෙල් විසිරීමක් වාර්තා නොවන බව ඔහු එහි දී ප්‍රකාශ කොට සිටියා.

නෞකාව සහ එහි තිබූ බහාලුම් සම්පූර්ණයෙන්ම විනාශ වී යාමෙන් සිය සමාගමට වූ පාඩුව අතිමහත් බව ද ඔහු සිහිපත් කරනවා.

ශ්‍රී ලංකා මුහුදු තීරය පිරිසිදු කිරීමේ කටයුතුවලට ද සිය සමාගම පූර්ණ සහය ලබා දෙන බව ප්‍රකාශ කළ යොස්කොවිට්ස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ මුදවාගැනීමේ කණ්ඩායම් විසින් නිරන්තරයෙන් නෞකාව ආශ්‍රිත පෙදෙස නිරීක්ෂණය කරමින් සිටින බවයි.

ඒ හරහා තෙල් විසිරීමක් හෝ වෙනත් අහිතකර අපද්‍රව්‍ය විසිරීමක් සිදුවුවහොත් එයට ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට හැකිවනු ඇති බව ඔහු පවසනවා.

මේ අතර ශ්‍රී ලංකා වරාය වෙත නෞකාව පැමිණෙද්දී එහි තිබූ එක් කන්ටේනරයක රසායන ද්‍රව්‍ය කාන්දුවක් තිබූ බව ඔහු ප්‍රකාශ කළා.

එම රසායන ද්‍රව්‍ය කාන්දුව බොහෝ දුරට ගින්න හටගැනීමට හේතුව වන්නට ඉඩ ඇති බවට විශ්වාස කරන නමුත් තවමත් එය නිෂ්චිතව පැවසිය නොහැකි බව ද ඔහු සඳහන් කළා.

https://streamable.com/9e0qvy
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ? ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු සැපයීම නිසා CEB එකේ පාඩුවක් වෙලා
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03
Video thumbnail
"ගමන් ආරම්භ කරපු සැණින් පීලි පැනලා" වනවාසල දී පීලී පැන්න දුම්රිය ගැන ප්‍රබල හෙළිදරව්වක්
06:36
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34