Update – හොරණ වෙඩි තැබීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි – සිද්ධිය CCTV කැමරාවේ (වීඩියෝ)

අද (05) පෙරවරුවේ හොරණ, ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් බරපතළ තුවාල ලැබුවා.

කැබ් රථයක සිටි ව්‍යාපාරිකයෙකු ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුව තිබූ අතර, වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් දෙදෙනා ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණ ඇති බවයි අනාවරණය වුණේ.

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ වල්පිටගේ දොන් සංජය අසන්ත නැමැති නමැති 38 හැවිරිදි මුදල් පොළියට ලබාදෙන ව්‍යාපාරිකයෙක්.

වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා ප්‍රථිකාර සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් කළ අතර, වෙඩි ප්‍රහාරය ඔහුගේ මුඛයේ දකුණු පැත්තට එල්ල වි ඇති අතර එය ගෙළෙහි වම් පැත්තෙන් පිට වී ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.

හොරණ මූලික රෝහලේ දී ඔහුට ශල්‍යකර්මයක් සිදු කිරීමෙන් පසු වැඩිදුර ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

ව්‍යාපාරිකයා සිය බිරිඳ සහ දරුවා සමඟ ග්‍රේස්ලන්ඩ් වත්ත පාර ප්‍රදේශයේ ඔහු පදිංචි නිවස ඉදිරිපිටට කැබ් රථයෙන් පැමිණ සිටිය දී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

ස්කූටටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකුගෙන් පසුපැදිකරු කැබ් රථය අසලට දිවවිත් රියදුරු අසුන අසල වීදුරුවෙන් ව්‍යාපාරිකයා වෙත වෙඩි ප්‍රහාරය දෙකක් එල්ල කර පළා ගොස් තිබෙනවා.

පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි සිදුකළ මූලික විමර්ශනවල දී පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ.

වෙඩිතැබීමට හේතුව මුදල් ආරවුලක් ද නැත්නම් වෙනත් හේතුවක් ද යන්න සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බවයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ.

මේ අතර බරපතළ තුවාල ලද ව්‍යාපාරිකයා රෝහල් ගත කරන අවස්ථාවේ දී අකුරු පහකින් යුත් පුද්ගලයෙකුගේ නමක් සඳහන් කරමින් ඔහු තමන්ට වෙඩි තැබූ බවට පවසා ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

වෙඩි තැබීම සිදුකරන ආකාරය අසළ පිහිටි ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
3
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34