Update – හොරණ වෙඩි තැබීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි – සිද්ධිය CCTV කැමරාවේ (වීඩියෝ)

අද (05) පෙරවරුවේ හොරණ, ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් බරපතළ තුවාල ලැබුවා.

කැබ් රථයක සිටි ව්‍යාපාරිකයෙකු ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුව තිබූ අතර, වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් දෙදෙනා ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණ ඇති බවයි අනාවරණය වුණේ.

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ වල්පිටගේ දොන් සංජය අසන්ත නැමැති නමැති 38 හැවිරිදි මුදල් පොළියට ලබාදෙන ව්‍යාපාරිකයෙක්.

වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා ප්‍රථිකාර සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් කළ අතර, වෙඩි ප්‍රහාරය ඔහුගේ මුඛයේ දකුණු පැත්තට එල්ල වි ඇති අතර එය ගෙළෙහි වම් පැත්තෙන් පිට වී ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.

හොරණ මූලික රෝහලේ දී ඔහුට ශල්‍යකර්මයක් සිදු කිරීමෙන් පසු වැඩිදුර ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

ව්‍යාපාරිකයා සිය බිරිඳ සහ දරුවා සමඟ ග්‍රේස්ලන්ඩ් වත්ත පාර ප්‍රදේශයේ ඔහු පදිංචි නිවස ඉදිරිපිටට කැබ් රථයෙන් පැමිණ සිටිය දී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

ස්කූටටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකුගෙන් පසුපැදිකරු කැබ් රථය අසලට දිවවිත් රියදුරු අසුන අසල වීදුරුවෙන් ව්‍යාපාරිකයා වෙත වෙඩි ප්‍රහාරය දෙකක් එල්ල කර පළා ගොස් තිබෙනවා.

පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි සිදුකළ මූලික විමර්ශනවල දී පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ.

වෙඩිතැබීමට හේතුව මුදල් ආරවුලක් ද නැත්නම් වෙනත් හේතුවක් ද යන්න සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බවයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ.

මේ අතර බරපතළ තුවාල ලද ව්‍යාපාරිකයා රෝහල් ගත කරන අවස්ථාවේ දී අකුරු පහකින් යුත් පුද්ගලයෙකුගේ නමක් සඳහන් කරමින් ඔහු තමන්ට වෙඩි තැබූ බවට පවසා ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

වෙඩි තැබීම සිදුකරන ආකාරය අසළ පිහිටි ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
3
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යාළුවෙක් නුගේගොඩ නිවසක් දුන්නා අපිට..අපේ යාළුවෝ දන්නවා අපි කවුද කියලා
07:27
Video thumbnail
Kasthirama | "ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතට ඇයි කලබල ? " - කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
අස්වැසුම ෆෝම් එකක් ඉල්ලන් එන අහිංසක මිනිස්සුන්ට චණ්ඩි පාට් දැමූ කතරගම නිලධාරීන්
03:55
Video thumbnail
සු#මිය රාජපක්ෂලාට Helping වුණාද?.මහින්ද නඩුවෙන් නිදහස් වුණත් JVP තරහින් නිදහස් වෙලා නෑ
05:28
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59


?