Update – හොරණ වෙඩි තැබීමේ සිද්ධිය ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

හොරණ, මීවනපලාන, අක්කර 12 ප්‍රදේශයේ දී ඊයේ (02) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප ලබා පැමිණි පුද්ගලයෙක් බවට අනාවරණය වී තිබෙනවා.

අක්කර 12 ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා 45 හැවිරිදි වොයේ පසු වූ අයෙක් වන අතර, ඔහු පසුගිය 21 වනදා ඇප ලබා නිවසට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මීට වසරකට පෙර කාන්තාවක් කපාකොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මොහු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.

මෙම පුද්ග්ගලයා ඊයේ (03) රාත්‍රීයේ අනියම් බිරිය සමඟ නිවසේ සිට අසල පිහිටි කඩයට ගොස් නැවත පැමිණෙමින් සිටියදී අක්කර 12 ප්‍රජාශාලාව පිටුපස මාර්ගයේ ලදු කැලෑවක රැක සිට වෙඩික්කරු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

සිද්ධිය පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් හොරණ මූලස්ථාන පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව වෙඩි තැබීම සිදුකළ බව කියන සැකකරු ඒ ආසන්නයේ පිහිටි නිවසක සිටියදී ගිනි අවිය ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ බෝර 12 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ හොරණ මූලස්ථාන පොලිසිය මගින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34