Update – හොරණ වෙඩි තැබීමේ සිද්ධිය ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

හොරණ, මීවනපලාන, අක්කර 12 ප්‍රදේශයේ දී ඊයේ (02) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප ලබා පැමිණි පුද්ගලයෙක් බවට අනාවරණය වී තිබෙනවා.

අක්කර 12 ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා 45 හැවිරිදි වොයේ පසු වූ අයෙක් වන අතර, ඔහු පසුගිය 21 වනදා ඇප ලබා නිවසට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මීට වසරකට පෙර කාන්තාවක් කපාකොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මොහු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.

මෙම පුද්ග්ගලයා ඊයේ (03) රාත්‍රීයේ අනියම් බිරිය සමඟ නිවසේ සිට අසල පිහිටි කඩයට ගොස් නැවත පැමිණෙමින් සිටියදී අක්කර 12 ප්‍රජාශාලාව පිටුපස මාර්ගයේ ලදු කැලෑවක රැක සිට වෙඩික්කරු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

සිද්ධිය පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් හොරණ මූලස්ථාන පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව වෙඩි තැබීම සිදුකළ බව කියන සැකකරු ඒ ආසන්නයේ පිහිටි නිවසක සිටියදී ගිනි අවිය ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ බෝර 12 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ හොරණ මූලස්ථාන පොලිසිය මගින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?