Update: හයේෂිකා වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් දෙදෙනකු ඇතුළු නීතිඥවරුන් 25කට ආසන්න පිරිසක් උසාවියට

පොලිසියෙන් සැඟව පලා ගොස් සිටින සැකකාරිණී හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ නමැත්තිය වෙනුවෙන් පෙනී සිටීමට ජනාධිපති නීතිඥවරුන් දෙදෙනකු ඇතුළු ව නීතිඥවරුන් 25 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මීගමුව අධිකරණ භූමියට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පවසන පරිදි මෙම නඩුව සඳහා විත්තිකරුවන්ගේ පාර්ශ්වයෙන් පෙනී සිටීමට පැමිණ ඇත්තේ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස හා අනුජ් ප්‍රේමරත්න යන නීතිඥවරුන් බවයි පැවසෙන්නේ.

පසුගිය සතියේ තරුණයෙකුගේ වෘෂණ කෝෂවලට හානි වන අන්දමින් පහරදීමේ චෝදනාවකට සැකපිට සැකකාර හයේෂිකා ප්‍රනාන්දුගේ ස්වාමිපුරුෂයා සහ ආයතන කළමනාකාරීවරයා කටාන පොලිස් අත්අඩංගුවට ගැනුණා.

ඉන් අනතුරුව අධිකරණය නියෝග කළේ මැයි මස 13 වැනි දින තෙක් සැකකරුවන් ව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

කෙසේවෙතත් තරුණයාගේ පැමිණිල්ලට අනුව ඔහුට බිම දමා පයින් පහර දී ඇත්තේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරියක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන හයේෂිකා ප්‍රනාන්දු නමැත්තියයි.

ඇය, ඇයගේ ස්වාමිපුරුෂයා සහ ආයතන කළමනාකරු එක්ව මෙම තරුණයාට පහර දී ඇති බවත්, පසුව අසාධ්‍ය තත්ත්වයෙන් මෙම තරුණයාව මීගමුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත් වාර්තා වුණා.

කෙසේවෙතත් සතියක් ගත වී ඇතත් ප්‍රධාන සැකකාරිණිය වන හයේෂිකා ප්‍රනාන්දු ව මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන කණ්ඩායම් 03ක් යෙදවුව ද හැකි වී නැහැ.

මෙවන් පසුබිමක් යටතේ හයේෂිකා ප්‍රනාන්දුව අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින්, සැකකාර ස්වාමිපුරුෂයා සහ ආයතන කළමනාකාරු අද දින උසාවියට ඉදිරිපත් කරන තත්ත්වයක් යටතේ කිඹුලාපිටිය – ගල්මංකඩ ප්‍රදේශවාසීන් (තරුණයාගේ පාර්ශ්වයෙන්) විසින් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් ආරම්භ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
4
+1
36
+1
3
+1
5
+1
1
+1
12
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53