Update :- සුජීවගේ V8 රථය CID වෙත භාරදෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේමසිංහ මහතා සිය ප්‍රශ්නගත වූ V8 රථය කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

අද (11) පස්වරුවේ දී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සිය ජීප් වර්ගයේ රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

එම රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි සුජීව සේනසිංහ මහතා මෙම පියවර ගෙන ඇත්තේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සන්තකයේ පවතින්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා සතුව තිබූ, රිය අනතුරකින් මනුෂ්‍ය මරණයක් සිදු කිරීමකට අදාළව නඩු භාණ්ඩයක් වූ මෝටර් රථයක් බවයි.

එබැවින් පරීක්ෂණ කටයුතු සාර්ථක කරගැනීමට අදාළ ජීප් රථය තම භාරයට පත් කරන ලෙසටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ.

නීතිවිරෝධීව එකලස් කරන ලද ටොයෝටා V8 සුඛෝපභෝගී ජීප් රථයක් ඇති බවට ලද තොරතුරකට අනුව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය ඉකුත් නොවැම්බර් 02 වැනිදා හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ නිවස පරික්ෂා කළ ද එහිදී සැක කටයුතු මෝටර් රථය හමු වූයේ නැහැ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් සුජීව සේනසිංහ මහතාට අයත් කොල්ලුපිටියේ නිවසක් පරීක්ෂා කළේ ප්‍රශ්නගත සුඛෝපභෝගී මෝටර් රථය එම නිවසේ ගාල්කර ඇති බවට ලද රහස්‍ය තොරතුරු මතයි.

එහිදී සොයා ගැනුණු ජීප් රථය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කළා.

එම නියෝගය ප්‍රකාරව ප්‍රශ්නගත මෝටර් රථය සුජීව සේනසිංහ මහතා විසින්ම රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශය අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වැඩිදුර විමර්ශන වාර්තාවක් මගින් විමර්ශනවල ප්‍රගතිය වාර්තා කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ප්‍රශ්නගත සුඛෝපභෝගී මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කළ අතර එම නියෝගය ප්‍රකාරව සී අයි ඩී නිලධාරින් අද පස්වරුවේ කොල්ලුපිටියේ පිහිටි හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසට ගිය ද එහි මෝටර් රථය තිබුණේ නැති බවත් වාර්තා වුණා.

මෙවන් පසුබිමකදියි සුජීව සේනසිංහ මහතා සිය මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් භාරකර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?