Update – ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට මුහුණදීමට සිදු වූ අකරතැබ්බය ගැන විශේෂ නිවේදනයක්

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය සඳහා සිම්බාබ්වේ දේශයට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හෝටල් කාමරවල අවසරපත් නොමැතිවීම හේතුවෙන් ඊයේ දැඩි අපහසුතාවයකට මුහුණදීමට සිදුවුණා.

ඒ, හේතුවෙන් දීර්ඝ ගුවන් ගමනක් අවසන් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිදුවුණේ පැය ගණනක් හෝටලය තුළ බිම වාඩි වී සිටීමටයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණදීමට සිදු වූ මෙම අපහසුතාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (11) රාත්‍රියේම විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

ඒ, අනුව සිම්බාබ්වේ බුලවායෝ හි හෝටලයේ ඇතුළුවීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර පැමිණි තවත් ජාතික ක්‍රිකට් කණ්ඩායමක් පරීක්ෂා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් පරීක්ෂා කිරීම ප්‍රමාදවීමට හේතු වී ඇති බවයි.

අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් හෝටල් කළමනාකාරීත්වයට වාර්තා කිරීමෙන් පසු කෙටි කාලයක් තුළ එම ගැටලුව නිවැරදි කිරීමට කටයුතු කළ බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

1 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
6
+1
1
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කුරහන් සාටකය" කරෙන් ග#ලවගෙනම නාමල් උසාවිය ඇතුලට ගිය හැටි..නාමල් එක්ක කට්ටිය සෙල්ෆි ග#යි
05:45
Video thumbnail
නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"
11:51
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."රන්වලගේ මූණ මිරිකුවත් අරක්කු බාගයක් ගන්න පුළුවන්"
07:57
Video thumbnail
මෙතන රෝහලක් පවත්වාගෙන යන එක අවදානම්..වත්තෙගම දිස්ත්‍රික් රෝහල බලන්න ගිය සෞඛ්‍ය නි.ඇමති කිව්ව දේ
03:51
Video thumbnail
පදක්කමේ ලොක්කෙක් එක්ක ගැන්සි පිටින් බැහැලා පුද්ගලයෙක්ට තගදාලා..ප#රකෑ පුද්ගලයා සියල්ල හෙළිකරයි
01:26
Video thumbnail
බුත්තලදී සිදුවූ බිහිසුණු රිය අනතුර..බයික් එකක් ටිපර් එක ය# - පාරත් කඩාගෙන ගිහින්
01:03
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
00:00
Video thumbnail
කඩුවෙල නගරාධිපතිට එරෙහිව පක්ෂයක් හැටියට වහාම තීන්දුවක් ගන්න..JVP එක අහක බලන් ඉන්නේ ඇයි?
04:36
Video thumbnail
හානි වූ ඌමා ඇළේ අමුණ ප්‍රතිසංස්කරණය කර දියවර නිකුත් කිරීමට ආ ප්‍රබලයින්
01:07
Video thumbnail
ත්‍රීරෝද රථයක් අළුකළ මහ ගින්න..ගන්න දෙයක් නෑ - අළු වෙලාම ගිහින්
00:24


?