Update – මන්ත්‍රී උද්ධිකට වෙඩි තැබූ සිද්ධියේ විමර්ශන සී.අයි.ඩීයට (ඡායාරූප)

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්නගේ මෝටර් රථය ඉලක්ක කර වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.

පොලිස්පතිවරයාගේ නියෝග මත අදාළ විමර්ශන මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්නගේ පුද්ගලික මෝටර් රථය ඉලක්ක කර ඊයේ (17) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණා.

ඒ, ඔහුගේ අනුරාධපුර පිහිටි නිවස ඉදිරිපිට දීයි.

මෙම වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයාට හානියක් සිදුව නොමැති අතර, මෝටර් රථයට හානි සිදුව තිබෙනවා.

මන්ත්‍රීවරයා තම මෝටර් රථයෙන් පෞද්ගලික නිවසට පැමිණ නිවසේ ප්‍රධාන පිවිසුම් ගේට්ටුව අසල රථය නවතා නිවසට ඇතුළු වනවාත් සමඟම මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි විමර්ශන සිදුකරන පොලීසිය සඳහන් කළේ.

මෙම වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී ජීව උණ්ඩයක් සහ පතොරම් කොපුවක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් මෙම වෙඩි තැබීමට භාවිත කර තිබෙනවා.

IMG 20230918 WA0019
IMG 20230918 WA0012
IMG 20230918 WA0022
IMG 20230918 WA0014
IMG 20230918 WA0023
IMG 20230918 WA0024
IMG 20230918 WA0025
IMG 20230918 WA0026
IMG 20230918 WA0027
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?